Gossips

සිරියාවට රුසියාවෙන් නව මිසයිල පද්ධති

සිරියාවට එස්. 300 වර්ගයේ නවීන මිසයිල පද්ධති ලබාදීම පිළිබඳව සළකාබලමින් සිටින බව රුසියාව පවසනවා.
රුසියානු හමුදාවේ කර්නල් – ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය, සිරියානු ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කර පැය 24 ක් ගතවීමට මත්තෙන්.
කෙසේ නමුත් ප්‍රහාරයෙන් පසු ඩමස්කස් අගනුවර ඇතුලු සිරියානු ප්‍රදේශවල තත්වය දැන් සන්සුන් වී ඇති බවයි ඔහු කියා සිටියේ.
සිරියාවට එස්. 300 වර්ගයේ මිසයිල පද්ධති සැපයීම මීට වසර කිහිපයකට පෙර රුසියාව ප්‍රතික්ෂේප කළේ බටහිර රටවල ඉල්ලීමකට අනුවයි.
කෙසේ නමුත් සිරියාවට එල්ලවූ ප්‍රහාරයෙන් පසු රුසියාවේ ස්ථාවරය වෙනස්වී තිබෙනවා.