Gossips

ඉදිරි පැය 8 තුළ පළාත් රැසකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 08ක කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.