Gossips

බිරිඳ මරා දමා සියදිවි හානිකරගත් සැමියා

තංගල්ල, කුඩා වැල්ල, වැලිගෙඩිය වරාය අසල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනයකර තිබෙනවා.
අද (15) දහවල් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
දකුණු කුඩා වැල්ල, වැලිගෙඩිය, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයකර ඇති බව සඳහන්.
සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අපරාධය සිදුකිරීමෙන් අනතුරුව 26 හැවිරිදි සැකකරු ද සූරියවැව ප්‍රදේශයේ පාලු නිවසක ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
තංගල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.