Gossips

බීමතින් රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ බීමත්ව රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මීට අමතරව තවත් 166 දෙනෙකු අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට මාර්ග නීතිරීතිවලට අවනත වී රිය ධාවනය කිරීම සිදුකරන ලෙසයි.