Gossips

නයිජීරියාවේ චිබොක් දැරියන් පැහැරගෙන සිව් වසරයි

බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායම් විසින් ඊසානදිග චිබොක් ප්‍රදේශයෙන් පාසල් දැරියන් 276 දෙනෙකු පැහැරගෙනගොස් සිව් වසරක් ගතවීම නයිජීරියානුවන් ඊයේ (14) අනුස්මරණය කරනු ලැබුවා.
2014 වසරේ අප්‍රේල් 14වනදා සන්ධ්‍යාවේ එලෙස පැහැරගත් දැරියන් 57 දෙනෙකු පලා ඒමට සමත්වූ අතර, 107 දෙනෙකු බොකෝහරාම් සංවිධානය සමඟ එකඟතාවකට පැමිණ නිදහස් කරගැනීමට හැකිවුණා.
කෙසේ නමුත් ඉතිරි දැරියන් 112 දෙනා අතුරින් 15 දෙනෙකු හැර අනෙක් දැරියන් ජීවතුන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ තොරතුරක් නොමැති බව බොකෝහරාම් සංවිධානය සමඟ සාකච්ඡාවලට එක්වූ මාධ්‍යවේදියෙකු සඳහන් කළා.