Gossips

ගලේවෙලදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගලේවෙල – මීවලපතහ – මූකලන්යාය ප්‍රදේශයේදී අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඇතුලූ භාණ්ඩ කිහිපයක් සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවසේ සැඟව සිටි සැකකරු ඊයේ (04) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර ඇති බව සඳහන්.
48 හැවිරිදි සැකකරු සතුව තිබී කඩුවක් සහ කිනිස්සක්ද සොයාගෙන ඇති අතර, ඔහු අද (05) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.