Gossips

ඒකාබද්ධයෙන් ආරාධනයක්

ජනතාවට කරන සාධාරණයක් ලෙස ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි සාමාජිකයින්ට ද තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මේ බව කියා සිටියේ ඊයේ අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ජනාධිපතිවරයා සමග කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.