Gossips

හිසතෙල් ගෑමේ නැකත හෙටයි

උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්.
අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට පූර්ව භාග 10.16 ට යෙදී තිබෙනවා.
එම චාරිත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් කියා සිටියේ එම චාරිත්‍රයෙන් වර්ෂය පුරා නිරෝගිමත් ජීවිතයක් ගත කිරිම අපේක්ෂා කෙරෙන බවයි.
සිංහල අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ 19 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03ටයි.