Gossips

වැස්සත් සමග ඩෙංගු අවදානම ඉහළ යයි

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු අවදානමක් යළිත් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
එබැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි බලධාරින් පෙන්වා දෙන්නේ. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,220 දෙනෙකු දිවයිනෙන් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
කෙසේ වෙතත් පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 186,101 ක් වාර්තාවූ අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබුණේ මැයි, ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලයි. මේ වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7,178 දෙනෙකු, පෙබරවාරි මාසයේදී 4,377 දෙනෙකු සහ මාර්තු මාසයේදී 3,205 කු ලෙස රෝගීන් වාර්තාවී තිබෙනවා.
ඩෙංගු අවදානමෙන් මිදීම සදහා තම නිවාස අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගත යුතු බවයි අයි.ඞී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ.