Gossips

හෙළ සිරිත රැක, කලාකරුවන් රැසක් සමගින්, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරේ

ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී. සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ආ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සජීවි වැඩසටහන අද (14) ක්‍රියාත්මක වුණේ හෙළ සිරිතට ද මුල් තැන දෙමින්.
ඊට සියයකට අධික ප්‍රවීන හා ජනප්‍රිය කලා ශිල්පීන් එක්වූ අතර, වැඩසටහන පැවැත්වුණේ වෙන්නප්පුව – ඇව්න්ඩ‍්‍රා ගංගාරා හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්.
හිරු අවුරුදු කුමරා සහ කුමරිය අභිසෙස් ගැන්වීම ඊයේ රාත්‍රි සිදුවූ අතර, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන ආරම්භ වූයේ අද අලුයම 6 ටයි.
බක්මහ දීගේ, එයා දැන් ලොකු ළමයෙක් සහ චංචල රේඛා යන හෙළ සිනමාවේ සුවිශේෂී සලකුණු 3 ක් වූ සිනමා පට ආශ්‍රයෙන් ගොඩනැගුණු මෙවර වැඩසටහනේදී අවුරුදු චාරිත්‍ර සියල්ල සුබ මොහොතින් අප රැගෙන ආවේ දැනුම සහ වින්දනය ද එකසේ ලබාදෙමින්.
නැටුම්, ගැයුම්, රැගුම් වලින් පරිපූර්ණ වූ වැඩසටහන අවුරුදු චාරිත්‍රවල වැදගත්කම ඉස්මතු කරමින් පැවති සංවාද මණ්ඩප වලින් ද තවත් අරුත්බර වුණා.
සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් කවදත් නව සංකල්ප ප්‍රේක්ෂකයන්ට හඳුන්වාදෙන හිරු ටී.වී. සමඟ මෙම අත්දැකීම විඳ ගැනීමට ප්‍රවීන හා ජනප්‍රිය ප්‍රතිභා පූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වුණා.
වැඩසටහන අතරතුර නැකැත් චාරිත්‍ර අකුරට ඉෂ්ඨ කිරීමටත් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු නිෂ්පාදන කණ්ඩායම අමතක කළේ නැහැ.
කලාශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති ජන ක්‍රීඩා සඳහා ද හිමිවුණේ දැවැන්ත ප්‍රතිචාරයක්.
වැඩසටහන් ගණනාවකින් සමන්විත වූ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන අවසන් වන්නේ අද රාත්‍රි 10.30ට ඇරඹෙන හිරු අවුරුදු සාජ්ජේ ගීතමය අත්දැකීම සමගින්.