Gossips

පුතුගේ රණ්ඩුවට මැදි වූ ගාල්ලේ පියෙකු ජීවිතයෙන් සමුගනී

ගාල්ල – මහමෝදර ප්‍රදේශයේදී තම පුතු ඇතුළු පිරිසක් සමඟ ඇති වූ ගැටුමකට මැදිවූ 54 හැවිරිදි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස පොලුවලින් සිදුකළ පහරදීමකින් ඝාතනයට ලක්වී එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ගාල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන් එක් සැකකරුවෙකුට ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම් හේතුවෙන් බරපතල තුවාල ලබා ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.