යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්රදේශයේදී 09 හැවිරිදි දැරියක් ඊයේ (04) සවස ඔන්චිලි පදිමින් සිටින අතරතුර ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව කෝපායි පොලීසිය පවසනවා.
09 හැවිරිදි සිවනේෂන් අක්ෂයණි දැරිය උපතින්ම ගොළු දැරියක් වන අතර දැරියගේ මව හා පියාද ගොළු බවයි සඳහන් වන්නේ.
දැරියගේ මව හා පියා නගරයට ගොස් එන තුරු දැරිය නිවස තුළ දමා ගොස් ඇති අතර මවත් පියාත් නැවත නිවසට පැමිණ විපරම් කර බලන විට නිවස තුළ නොසිටි දැරිය ඔන්ච්චිලාවේ බෙල්ල සිරවී සිටිනු දැක එම අවස්ථාවේදීම යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගියද රෝහලට රැගෙන යන විටත් දැරිය මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය ප්රකාශ කළා.
මිය ගිය දැරිය ඔන්චිලි පැද ඇත්තේ සාරියකින් සාදන ලද ඔන්චිල්ලාවක වන අතර සාරි ඔන්චිල්ලාව කැරකවීමෙන් එයට දැරියගේ බෙල්ල සිර වී ඇති බවට මෙතෙක් සිදු කරන ලද පරික්ෂණවලින් අනාවරණ වී ඇති බවයි කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේ.