Gossips

පොලිසියට බිය වී පලාගිය සැකකරුවෙකු දියේ ගිලි මරුට

මුලතිව් – ඉඩයිකට්ටු කලපුව ආසන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය උත්සහ කිරීමේදී එහි සිට පලාගිය සැකකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (13) රාත්‍රියේ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු පොලිසියට බියවී පැනයාමට උත්සහ කළ අවස්ථාවේ ඉඩයිකට්ටු කලපුවට වැටි මෙලෙස මරුමුවට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.
මරණය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.