Gossips

ඉන්දියාවම කළඹමින් සුපිරි IPL තරඟාවලියට සර්ප තර්ජනයක්

IPL තරඟාවලියට එල්ලවන විරෝධතා හේතුවෙන් චෙන්නායි හි පැවැත්වීමට නියමිතව තිබූ තරඟ එහි නොපැවැත්වෙනු ඇති බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ 'කාවේරි' නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩුව සහ 'කර්ණාටක' ප්‍රාන්තය අතර පවතින අර්බුදය මෙලෙස IPL විරෝධයට හේතුවී ඇති බවයි.
මේ අතර පසුගියදා දමිල සිනමාවේ සුපිරි වීරයා වන රැජිනි කාන්ත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ IPL තරඟාවලිය වර්ජනය කළ යුතු බවයි.
මෙම තත්වයත් සමඟ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගෙන චෙන්නායි හි පැවැත්වීමට නියමිතව තිබූ තරඟ වෙනත් ක්‍රීඩාංගණයක පැවැත්වීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉදිරියේදී චෙන්නායි කණ්ඩායම සහභාගී වන IPL තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව බලධාරීන් මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ පසුගියදා තමිල්නාඩුවේ පැවති චෙන්නායි කණ්ඩායම සහභාගී වූ ක්‍රිකට් තරඟයට සංවිධානාත්මකව විරෝධතාවක් ඇරඹීමත් සමඟයි.
මේ අතර IPL සභාපතිවරයා පෙන්වාදෙන්නේ එම තරඟ චෙන්නායි හි නොපවත්වා වෙනත් ස්ථානයක පැවත්වීම තුලින් චෙන්නායි ක්‍රීඩා ලෝලීන්ට අසාධාරණයක් සිදුවන බවයි.
එම තත්වය මඟහරවා ගැනීමට චෙන්නායි කණ්ඩායම සභාගීවන තරඟවල වෙනසක් නොකර චෙන්නායි හි පැවැත්වීම සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට තමිල්නාඩු පොලිසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට ඉදිරිපත් නොවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
පසුගිය තරඟය පැවැත්වෙන අවස්ථාවේ ක්‍රීඩාංගණය තුලට සපත්තු ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එම තරඟයේ ආරක්ෂාව සඳහා හාර දහසක පමණ පොලිස් බලකායක් නිරතව සිට ඇති බවටද වාර්තා පලවනවා.
මේ අතර කණ්ඩායමක් විසින් තර්ජනය කර ඇත්තේ මීළඟ තරඟය පැවැත්වුවහොත් ක්‍රීඩාංගණයට සර්පයන් එක්කරන බවයි.
එසේම තරඟය නැරඹීමට පැමිණෙන ක්‍රීඩාලෝලීන් කළු ඇඳුමින් සැරසීම පවා තහනම් වන අතර ඔවුන්ට ක්‍රීඩාංගණය තුලට රැගෙන යාමට තහනම් භාණ්ඩ ලැයිස්තුවක්ද පසුගියදා ප්‍රකාශ කෙරුනා.
ඒ අනුව මෝටර් රථවල යතුරු, ධජ, වතුර බෝතල්, ආහාර සහ ගමන් මළු පවා රැගෙන පැමිණීම තහනම් වීම විශේෂත්වයක්.
මෙම තත්වය මගහරවා ගනීමට දේශපාලන පක්ෂ විසින්ද විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ එහි IPL තරඟ නොපවත්වන ලෙසයි.
මේ අතර IPL තරඟ චෙන්නායි හි නොපැවැත්වීමට ගත් තීන්දුව චෙන්නායි ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සිඳ දැමීමට හේතු වී ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වාදෙන්නේ.