Gossips

රුසියාවේ මොස්කව් නුවරට වාර්තාගත හිමපතනයක්

රුසියාවේ මොස්කව් නුවරට වාර්තාගත හිමපතනයක් ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් ගස් 2000 කට අධික සංඛ්‍යාවක් කඩාවැටී ඇති අතර, විදුලි රැහැනක් මතට ගසක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අඟල් 15 ක් පමණ උසට හිම පතිතවී ඇති අතර, මෙය 1957 වසරෙන් පසු රුසියාවට බලපෑ දරුණුම හිමපතනය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හිමපතනය හේතුවෙන් රුසියාවේ ගුවන් ගමන්වලටද බාධා සිදුව තිබෙනවා.