Gossips

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ වූ තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකියි.