Gossips

අලුත් අවුරුදු උදාවෙයි

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පූර්වභාග 08.13ට යෙදුණු සුබ මොහොතින් උදාවුණා.
අවුරුදු උදාව පිළිගනිමින් සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුකළ බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ.
අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්ව භාග 1.49ට ආරම්භ වූ අතර, එය අවසන් වන්නේ අපරභාග 2.37 ටයි.
බොහෝ පිරිස් පුණ්‍ය කාලය තුළ ආගමික වතාවත් සඳහා පූජනීය ස්ථාන කරා පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ජයශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදාගැනීමට මෙන්ම කතරගම පුද බිමටද විශාල වශයෙන් ජනතාව මේ වනවිට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.