Gossips

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ මධ්‍යම සහ උතුර පළාත්වලට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි.