Gossips

ජා ඇළ උපකාරක පංති ගුරුවරයා බාලි මුහුදේ දියේ ගිලී මරුට (ඡායාරූප)

ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදුකළ සංචාරයක් අතරතුර මුහුදේ ගිලී අවාසනාවන්ත ලෙස මියගිය තරුණයෙකු පිළිබඳව පුවතක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ජා ඇළ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු වූ නිසල් කොටින්කඩුව නම් තරුණයෙක්.
ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු මිතුරන් දෙදෙනකු සමඟ පසුගියදා සිය ඉන්දුනීසියානු සංචාරය අතරතුර දී බාලි මුහුදේ නෑමට ගොස් තිබෙනවා.
එහිදී සිදුවූ අනතුරකින් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
දේහය අද (05) දිවයිනට ගෙනඒමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.