Gossips

IPL පිටිය උඩුයටිකුරු කළ සුපිරි අවසන් පන්දුවාරය

IPL තරඟාවලියේ මුම්බායි කණ්ඩායම සමඟ ඊයේ (12) පැවති තරඟයෙන් හයිද්‍රාබාද් කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට සමත් වූවා.
කෙසේ වෙතත් එම තරඟයේ දෙවනුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමේ අවසන් පන්දුවාරයේදී කඩුලු 9 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය වූයේ පන්දු 6 කට ලකුණු 11.
ඉන් තරඟයේ උනුසුම තවත් වැඩිවූවා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 147ක්.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භය ශක්තිමත් වුවද මැදපෙළ කඩාවැටීම අවසානය දක්වාම ඔවුන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව සිහිනයක් කළා.
කෙසේ වෙතත් අගනා පිතිහරඹයක නිරත වූ හයිද්‍රබාද් ආරම්භක පිතිකරු ධවාන් පන්දු 28 කදී ලකුණු 45 ක් රැස්කරගත්තා.
අවසානයේ මැද පෙළ කණ්ඩායමේ එකම පිතිකරණ බලාපොරොත්තුව වූ DJ Hooda පිටියේ ආරක්ෂිතව ස්ථාවර වෙද්දී සෙසු පිතිකරුවන් මුම්බායි පන්දුව හමුවේ අසරණව නැවත ක්‍රීඩාගාරයට හැරී ගියා.
තරඟයේ ජග්‍රහණය කළේ ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී වීමයි තරඟයේ උණුසුම වැඩිකිරීමට හේතුවූයේ.
අවසන් පන්දුවාරය ඇරඹුමේ හයිද්‍රාබාද් කණ්ඩායමට ලැබුණු අභියෝගය වූයේ එක් කඩුල්ලක් පමණක් අතැතිව ලකුණු 11 ක් රැස්කිරීමයි.
එහිදී පළමු පන්දුවේම ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවත කණ්ඩායමට ගෙනදෙමින් DJ Hooda වේගවත් හයේ පහරක් එල්ලකලේ ප්‍රතිවාදීන්ට පීඩනය යොමුකරවමින්.
කෙසේ වෙතත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට නැවත තරඟයට අවතීර්ණ වූ හයිද්‍රබාද් කණ්ඩායමේ අවසන් පිතිකරණ යුගලය වූ DJ Hooda සමඟ B Stanlake තරඟයේ වාසිය තම අතට ගත්තා.
කෙසේ වෙතත් DJ Hooda එල්ලකළ පහරක් එක් අවස්ථාවක උඩපන්දුවක් ලෙස බුම්රා අසලට ඇදී ගියද මුම්බායි කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව බොඳ කරමින් එය රැකගැනීමට ඔහුට හැකිවූයේ නෑ.
එහිදී එක් ලකුණක් කරා පැති මාරුකරගැනීමත් සමඟ අවසානයේදී අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍යව තිබියදී පිතිකරු ලෙස B Stanlake එම අන්තයේ සිටීම කණ්ඩායම් දෙකෙහිම හදගැස්ම වැඩිකළ අවස්ථාවක් වූවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව තවදුරටත් තහවුරු කරමින් බෙන් වේගය අඩුකරමින් යොමුකළ පන්දුවට දැවැන්ත පහරක් එල්ලකරමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට B Stanlake සමත්වූයේ ලකුණු හතරක් ලබාගනිමින්.
මෙවර IPL ක්‍රිකට් පිටියේ උණුසුම් වූ තවත් එක් අවසන් පන්දුවාරයක් වූ එම අවස්ථාව පහතින්.
rnrnrnrnrnrn
rnrnrnrnrnrnrnrnrnrnrn