Gossips

අලුත් අවුරුද්දට තවත් හෝරා කිහිපයයි

තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානම්.
පුණ්‍ය කාලය හෙට පූර්වභාග 01.49 ට උදාවන අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි.
අලුත් අවුරුදු උදාව හෙට පූර්වභාග 08.13ට සිදුවනවා.
මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත හෙට පූර්ව භාග 10.40 ට යෙදී තිබෙනවා.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය හෙට පූර්ව භාග 11.53 ට යෙදෙන සුබ මොහොතින් සිදුකළ යුතුයි.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 16 වැනිදා පූර්ව භාග 10.16 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත 19 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 ට යෙදී තිබෙනවා.