Gossips

දුර ගමන් බස් සේවා තවදුරටත්

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පෙර දිනවලට සාපේක්ෂව අද (13) දිනයේ මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත් දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පරිදි ප්‍රමාණවත් ලංගම බස් රථ පිටකොටුව – මධ්‍යම බස් නැවතුම්පලේ සිට දිවයින පුරා පිහිටි ගමනාන්තවලට යොදවා ඇති බව ඔහු සඳහන් කළා.
එය හෙට සහ අනිද්දා දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ නැවතුම්පලේ සිට සෑම ප්‍රදේශයකටම බස් රථ යොදවා ඇති බවයි.