Gossips

උත්සව සමයේ දිනකට අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක්

උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.