Gossips

ආණ්ඩුකාරවරු යලි වෙනස් වෙයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් පී. බී. දිසානායක අද මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඔහු තවදුරටත් ඌව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ඇති බවයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් උතුර පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යලි එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
මෙම දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි සිදුව ඇත්තේ.
ඊයේ රෙජිනෝල්ඞ් කුරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.