ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු බ්‍රැඩ් හොජ් පළමු පෙළ සහ විස්සයි විස්ස ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔහුට සිදුකළ හදිසි ශල්‍යකර්මයකින් අනතුරුව මතුවූ අසාත්මිකතාවයක් හේතුවෙන්.
පසුගියදිනවල පැවති BBL තරඟාවලිය අතරතුර බ්‍රැඩ් හොජ් උදරයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල්ගතකෙරුනා.
එහිදී වෛද්‍යවරුන් තීරණය කෙරුනේ ඉක්මනින් සැත්කමකට ලක්කළ යුතු බවයි.
ඒ අනුව බ්‍රැඩ් හොජ් සැත්කමට ලක්කෙරුණු අතර සැත්කමෙන් අනතුරුව මෙම අසාත්මිකතාව මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඔහු තීරණය කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමටයි.
මේ වනවිට ඔහු IPL තරඟාවලියේ Kings XI Punjab කණ්ඩායම සමඟ ඉදිරි වසර තුනක් සඳහා ගිවිසුම් ගතව තිබෙනවා.
ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි.
කෙසේ වෙතත් පුහුණුකාර ධුරයෙන් ඉවත්වන බවට ඔහු සඳහනක් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
විස්සයි විස්ස ක්‍රිකට් විශේෂඥයෙක් ලෙස සැලකෙන බ්‍රැඩ් හොජ් ක්‍රිකට් ජීවිතයේ සුපිරිතලයට පැමිණි ක්‍රීඩකයෙක් ලෙසයි හඳුන්වන්නේ.
ඔහු ජාත්‍යන්තර ලකුණු 17084 ක හිමිකරුවෙක් වන්නේ තරඟ 223කට ක්‍රීඩා කරමින්.
එම ලකුණුවලට ශතක 51 ක් සහ අර්ධ ශතක 64 ක් ඇතුලත්.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 6 ක් එක්දින තරඟ 25 ක් විස්සයි විස්ස තරඟ 15 කට ක්‍රීඩාකර තිබෙනවා.