Gossips

වැලිකන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

හබරන – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් ඇළකට පෙරලීයාමෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ වන අලියෙකු පාර හරහා ගමන් කිරීම හේතුවෙන් කැබ් රථය එම ස්ථානයේම නතර කර ඇති අතර ඊට පසුපසින් පැමිණි ලොරිය, කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
කැබ් රථයේ ගමන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ සිට අලූත් අවුරුදු සැමරීම සදහා වාලච්චේන ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසක්.
කැබ් රථයේ රියදුරා ඇතුලු පුද්ගලයන් 17 දෙනෙකු ගමන්කර තිබෙනවා.
සිද්ධියෙන් මියගිය කැබ් රථයේ ගමන් කළ කාන්තාවගේ වයස අවුරුදු 60 ක් වන අතර, මියගිය අනෙක් පුද්ගලයා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ ගමන් කළ රිය සහායකයායි.
මෙම අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් 7 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ප්‍රතිකාර ලබන දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොළොන්නරුව රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න