Gossips

ඉබි යතුරු භාරදෙන්නැයි කතරගම හිටපු බස්නායක නිලමේවරයාට දැනුම් දීමක්

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වැඩ බැලීමට පත් කළ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ ඊයේ (12) සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
කෙසේ වෙතත්, නව බස්නායක නිලමේවරයා වැඩ භාරගැනීමට ගියද බස්නායක නිල කාර්යාලයේ යතුරු සියල්ලම හිටපු බස්නායක නිලමේවරයා විසින් රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් පරිපාලන ලේකම් කාර්යාලයේදී වැඩ බැලීමට පත්කළ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ වැඩ භාර ගනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.
එහිදී රත්නපුර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.ඩී.එස්.කේ.කුරුප්පු විසින් හිටපු බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත්තේ බස්නායක නිල කාමරයේ යතුරු ගෙනවිත් භාරදෙන ලෙසටයි.