Gossips

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 106 යි මිලිග්‍රෑම් 260 ක් සමග පිළියන්දල විශ්වකලාව ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස 6 ට පමණ වැටලීම සිදුකර ඇත්තේ බුලස් පාර විශේෂ කාරය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි.
සැකකාරිය වැඩිදුර විමර්ශණ සඳහා පිළියන්දල පොලිසියට ඉදිරිපත් කර ඇතැයි සඳහන්.
43 හැවිරිදි මෙම කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකාරිනියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඇය අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.