සිරියාව සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනමින් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පවසනවා.
සිරියාවට මිසයිල ප්රහාර එල්ල කිරීම සදහා බටහිර රටවල් කිහිපයක් මේ වනවිට සූදානමින් සිටින බවයි ඩොනල්ඞ් ට්රම්ප් වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ.
පසුගිය සෙනසුරාදා සිරියාවේ ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස සදහන් කර ඇත්තේ සිරියාවට අලූත් සහ නවතාවයෙන් යුත් මිසයිල ප්රහාර එල්ල කිරීමට ඇමරිකාව සූදානම් බවයි.