Gossips

බස් රථ අනතුරකින් 8 කට තුවාල (ඡායාරූප)

අද අලුයම වව්නියාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වව්නියාව දෙමළ මහා විද්‍යාලයේ තාප්පයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.
තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ද වනවා.
ඔවුන්ගේ තත්වය බරපතල නොවන අතර වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය