Gossips

සී.අයි.ඒ හෙළිකළ අමුතු වෙදකම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ විශ්ව ශක්තියෙන් අංශභාග, පිළිකා, වකුගඩු ඇතුළු දරුණු රෝගාබාධ කිසිදු ඖෂධයක් නොමැතිව සුවකළ හැකි බවට අභියෝග කරන පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබදවයි.
ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින දොස් තම දෑතට ලබා ගන්නා බව පවසමින් කාන්තාවන් ස්පර්ශ කරමින් මොහු සිදු කරන්නේ අමුතු වෙදකමක් බව හිරු සී.අයි.ඒ. තහවුරු කරගත්තා.
මොහුගේ වංචාවට රැවටුණු බොහෝ පිරිස් හිරු සී.අයි.ඒ වෙත මෙලෙස තොරතුරු ලබාදුන්නා.
මොහුට රැවටුණු රෝගීන්ගේ තොරතුරු සොයා යද්දී ඒ පිළිබද උරණ වූ මෙම පුද්ගලයා අප පිළිබද මූන්දලම පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර තිබුණා.
ඒ අනුව අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ හෙළි වූයේ මොහු මෙතෙක් කලක් කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව රෝගීන්ට කහ දියර ඖෂධ ලෙස ලබාදෙමින් කලක පටන් මෙම රැවටීම සිදුකරගෙන ගොස් ඇති බවයි.
මොහු හිරු සි.අයි.ඒ. කණ්ඩායමට සිදුකළ අභියෝගය දර්ශන සාක්ෂි සහිතව මූන්දලම පොලිසිය තුලදී අප ඉදිරිපත් කළා.