Gossips

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පිළිගැනීමට ජනතාව සූදානම්

උදාවෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පිළිගැනීම සදහා ජනතාව තුළ ඇත්තේ දැඩි උද්යෝගයක්.
කොළඹ ඇතුළු නගර රැසක කඩ සාප්පු මේ වනවිට ජනතාවගෙන් පිරී පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මේ අතර, සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට ගම් බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 24ක් මේ වනවිටත් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර සඳහන් කළේ කොළඹ සිට විවිධ ගමනාන්ත කේන්ද්‍ර කරගෙන බස් ගමන් වාර 3500ක් පමණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.