Gossips

ගීත ගයමින් සිටි ගැබිණි ගායිකාවක් වෙඩි තබා ඝාතනය කරයි

පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයේ ප්‍රසංගයක් අතරතුර ගායිකාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
එම අවස්ථාවේ ඇයගේ ගායනය වීඩියෝ කරමින් සිටි අයෙකුගේ ජංගම දුරකථනයක මෙම වෙඩි තැබීම සටහන් වී ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.
සන්නද්ධ පුද්ගලයෙකු සමග නර්ථනයට එක්වන ලෙසට ලැබුනු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයට වෙඩි තබා ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම ගායිකාව ආසනයක වාඩි වී ගීත ගායනා කිරීම හේතුවෙන් එලෙස නොකර, සිටගෙන ගායනා කරන ලෙසට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වෙඩි තබා ඇති බවයි.
24 හැවිරිදි මෙම ගායිකාව සමීනා සින්දු නම් අයෙක් බව සඳහන්.
වෙඩි තැබු පුද්ගලයා බීමත්ව සිටි බව ට ද අනාවරණ වී තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ හිසට බරපතල තුවාල සිදුවී ඇති අතර රෝහල් ගත කළ ද මෙම ගායිකාව මියගිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ගායිකාවගේ සැමියා හෙළිකර ඇත්තේ තම බිරිඳ මාස 6 ක ගැබිණියක් බවයි.
මෙම වෙඩි තැබීම ඝාතන දෙකක් ලෙසට සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඔහු ඉල්ලා තිබෙනවා.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.