Gossips

බැඩ්මින්ටන් තරඟයෙනුත් බලාපොරොත්තුවක්

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බැඞ්මින්ටන් තරග ඉසව් සදහා සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අර්ධ අවසන් පූර්ව වට වලට පිවිසීමට සමත් වුණා.
දිනුක කරුණාරත්න පිරිමි කේවල බැඞ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ මොරිස් රාජ්‍යයේ ජුලියන් පෝල් පරාජයට පත් කරමින්.
එමෙන්ම, කවිදි නිෂාදිකා සහ තිළිණි ප්‍රමෝදිකා මෙන්ම, හසිනි අම්බලන්ගොඩගේ සහ මධුෂිකා දිල්රුක්ෂි ද කාන්තා යුගල බැඞ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
එසේම, පිරිමි යුගල බැඞ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක ද අද සමත් වුණා.