Gossips

කසල තේ තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

අපනයනය කරන තේ තොගයක් ප්‍රවාහනය කරන මුවාවෙන් කසල තේ කිලෝ 17,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථ 3 ක් යොදා ගනිමින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී කෑගල්ල විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලූයම අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් තේ තොගය පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත භාරදී ඇති අතර, සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.