Gossips

මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

කොළඹ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ හයිලෙවල් පාර, ලෝලෙවල් පාර, නුවර පාර සහ ගාලු පාරේ මෙලෙස රථ වාහන තදබදය පවතින බවයි.
පවතින දැඩි වර්ෂාපතනය සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.