Gossips

මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී

ඇමෙරිකාවේ බලශක්ති සහ වාණිජ කමිටුව ෆේස් බූක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගෙන් පැය 10ක් පුරා ප්‍රශ්ණ කර තිබෙනවා.
ඒ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික තොරතුරු දේශපාලනිකව අවභාවිතා වීම සම්බන්ධයෙන්.
මාර්ක් සකර්බර්ග් තම සමාගමෙන් සිදු වු වරද පිළිගෙන ඇති අතර ඉදිරියේදි එවැන්නක් සිදු නොවීමට පියවර ගන්නා බවයි එම කමිටුව ඉදිරියේ පවසා ඇත්තේ.
මේ වන විට ලොව පුරා බිලියන 2.2ක ෆේස්බුක් ගිණුම් හිමියන් සිටිනවා.