Gossips

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අලුත්වැඩියාවකට

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අද පෙරවරුවේ අලූත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කර තිබෙනවා.
එමඟින් අධික දුමාරයක් පිටවීම හේතුවෙන් මෙම අලූත්වැඩියාව සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
අවුරුදු සමයේ විදුලි ඉල්ලූම පහළ බැසීමත් සමඟ මෙම නඩත්තු සිදුකරන බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර කැළණිතිස්ස විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක්ද අවුරුදු සමයේදී අලූත්වැඩියාවක් සඳහා අක්‍රිය කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මෙය අඛන්ඩ විදුලි සැපයුමට බාධාවක් නොවන බවයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියා කියා සිටියේ.