Gossips

මස්කෙළියේ මංගල රැස්වීම උණුසුම් (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කළු පටි පැළඳ සභා ගර්භයට පැමිණීමත් සමඟ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ අද පැවති මංගල රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පසුගියදා පැවති ඡන්ද විමසීමේදී පළාත්පාලන කොමසාරිස්වරයා අනුගමනය කළ ක්‍රියා පටිපාටියට විරෝධය දක්වමිනුයි ඔවුන් මෙලෙස කළු පටි පැළඳ සභාවට පැමිණියේ.
මෙහිදී සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ අවස්ථාවට නොපැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි ඒ.එල්.එම්. රංජනී අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ එම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ඇයට දැඩි විරෝධයක් ද පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය විසින් තත්ත්වය පාලනය කර සභාවේ කටයුතු පවත්වාගෙන ගිය බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ