Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්

දින 44 ක් පුරා ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
තම ඉල්ලීම් වලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
වැටුප් වැඩිවීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මේ මස 17 වනදාට පෙර සියලූම අනධ්‍යයන සේවකයන්ට සේවයට වාර්තා කළ යුතු බවයි.
එසේ නොමැතිවුවහොත් අනියම් ආදේශක මෙන්ම කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අනධ්‍යයන සේවකයන් සේවය හැර ගියා සේ සලකන බව ද එහි දැක්වුණා.