Gossips

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යාංශ දෙකක් සදහා අද නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගාල්ල හිටපු දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
එමෙන්ම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස අශෝකා අලවත්ත පත් කර තිබෙනවා.
ඇය මීට පෙර එම අමාත්‍යාංශයේම අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළා.