අද (05) අලුයම කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටි බතික් රෙදි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා.
අද (05) අලුයම 12.45ට පමණ සිදු වූ මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන්නේ 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද පණිවුඩයක් අනුවයි.
ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මේවන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය පිලිබඳ මෙතෙක් තක්සේරු කර නෑ.
ගින්න ඇතිවීමටද හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.