Gossips

ඉදිරි පැය 6 තුල ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

ඉදිරි පැය 6 තුල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමග තද අකුණු ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම තද සුළං ද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.