ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී අද විවෘත කළ බහලුමේ තිබී රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් මෙරට තුළ භාවිතය තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල්නාශක තොගයක් සොයාගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ ඉන්දියාවේ සිට ආනයනය කර තිබියදී පසුගිය අප්‍රේල් 7 වනදා මෙම කන්ටේනරය රේගු භාරයට ගෙන ඇති බවයි.
අදාළ ග්ලයිෆොසේට් තොගයේ බර කිලෝග්‍රෑම් 10800 ක් වන අතර, ආනයනකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Update : Thursday, April 12, 2018 12.25
———————————————-
විදේශ රටක සිට මෙරටට රැගෙන ආ ග්ලයිෆොසේට් අඩංගු කන්ටේනරයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
මීට දින 04 කට පෙර රේගු භාරයට ගනු ලැබූ මෙම කන්ටේනරයෙහි බැරල්වල අසුරා අදාළ වල්නාශකය ගෙනවිත් ඇති අතර, එය අද (12) විශේෂ රේගු පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ප්‍රකාශ කළේ අඩි 40 ක දිගින් යුත් එම කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගනයේ පිහිටි භාණ්ඩ පරික්ෂා කරනු ලබන ස්ථානයේදි විවෘත කරන බවයි.
2015 වසරේ සිට ශ්‍රී ලංකාවට ග්ලයිෆොසේට් ගෙන්වීම, බෙදාහැරිම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඩොලමයිට් ගෙන්වන මුවාවෙන් හඳුනා නොගත් තවත් නිල් පැහැති රසායනික වර්ගයක් ද සමඟ මෙම ග්ලයිෆොසේට් තොගය ගෙන්වා ඇති බවටයි.