Gossips

පළාත් 07 ක් සඳහා නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනපති ඉදිරියේ දිවුරුම් දීම සිදුකෙරුණා.
ජනාධිපති කාර්යාලයේ දී පැවති එම උත්සවයට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු එක්ව සිටියා.
මෙලෙස පත්වූ නව ආණ්ඩුකාරවරු පහතින්.
01- හේමකුමාර නානායක්කාර මහතා – බස්නාහිර පළාත
02- කේ.සී. ලෝගේස්වරන් මහතා – වයඹ පළාත
03- නිලූකා ඒකනායක මහත්මිය – සබරගමුව පළාත
04- රෙජිනෝල්ඞ් කුරේ මහතා – මධ්‍යම පළාත
05- මාර්ෂල් පෙරේරා මහතා – දකුණු පළාත
06- එම්.පී. ජයසිංහ මහතා – උතුරු මැද පළාත
07- පී.බී. දිසානායක මහතා – ඌව පළාත