Gossips

අලුත් වැඩපිළිවෙලකට සූදානම් – අගමැති

අලුත් වැඩපිළිවෙලකට යොමුවීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමින්.
‘‘ගිය දශක එකහමාර තුළ මේ රටේ මධ්‍යම පන්තිය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඒවගේම අලුත් ව්‍යාපාර පටන් ගන්න, කළමනාකරුවෙක් වෙන්න, වෙනත් අංශ දියුණු වෙන්නත් සීඝ්‍ර දියුණුව තියෙනවා මධ්‍යම පන්තියට. ඒත් ඊට වුවමනා නිවාස ප්‍රමාණයක් අද කොළඹ නගරයේවත් මේ බස්නාහිර මහ නගරයේවත් අනෙක් නගරවලවත් නැහැ. ඒ ප්‍රශ්නෙ අපි විසඳන්න තියෙනවා. එක කාර්යයක් තමයි නිවාස ඉදිකිරීම. නිවාස ඉදිකිරීමෙන් පමණක් මදි. ඒ සඳහා වුවමනා යටිතල පහසුකම් ඇති කරන්න ඕනා. රජයක් හැටියට අපේ අවධානය යොමුවෙලා තියෙන්නෙ මේ ප්‍රශ්නෙ විසඳන්න. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කණ්ඩායමකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කණ්ඩායමකුත් මුණ ගැහුනා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපතිතුමා මුණ ගැසුනා. මාවත් මුණ ගැහුනා. ඊයේ රාත්‍රියේ අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන සාකච්ඡා කළා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙලට ඉක්මනට ලැබෙයි කියලා. ’’