Gossips

අයි.පී.එල්. චෙන්නායි තරඟ වෙනත් තැනකට

අයි.පී.එල් තරඟාවලියේ චෙන්නායිහි පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ හයම වෙනත් ක්‍රීඩාංගනවලට මාරු කිරීමට අයි.පී.එල්. තරඟ සංවිධායකයන් තීරණය කර තිබෙනවා.
ඒ පෙරේදා චෙන්නායිහි චේප්පාගම් ක්‍රීඩාංගනයේ පැවති කොල්කටා නයිට්රයිඩර්ස් සහ චෙන්නායි සුපර්කිංග් කණ්ඩායම් අතර තරඟයට බාධා එල්ලවීමත් සමඟයි.
කාවේරි නදියේ ජල ගැටළුවක් මුල් කර ගනිමින් විරෝධතාවයක නිරත වු පිරිසක් හේතුවෙන් එම තරඟයට බාධා එල්ලවුණා.