Gossips

ඉක්මන් ලකුණට මුන්රෝ දිවඑද්දී පිතිකරු මැක්ස්වෙල් බිම බලාගෙන කරපු වැඩේ මෙන්න

ඉක්මන් ලකුණට මුන්රෝ දිවඑද්දී පිතිකරු මැක්ස්වෙල් බිම බලාගෙන කරපු වැඩේ මෙන්න "
IPL තරඟාවලියේ තවත් සුපිරි තරඟයකින් ජයගෙන මෙවර තරඟාවලියේ පළමු ජය තමන් සතු කරගැනීමට දිල්ලි කණ්ඩායම පරාජය කළ රාජස්ථාන් කණ්ඩායම සමත් වූවා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 153ක්.
එහිදී වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය මද වෙලාවකට නැතරවූවා.
කෙසේ වෙතත් පසුව තරඟය ආරම්භ වූයේ පන්දුවාර 6කදී ලකුණු 71 ක ඉලක්කයක් දිල්ලි කණ්ඩායමට හිමිකරදෙමින්.
එහිදී අභියෝගය වෙනුවෙන් පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ පළමු කඩුල්ල නිසි සන්නිවේදනයක් නොමැතිකමින් දැවී ගියේ කිසිවෙකු නොසිතු ලෙසින්.
එහිදී පන්දුවට පහරදුන් මැක්ස්වෙල් පන්දුව දෙස බලා සිටියදී අනෙක් පස සිටි පිතිකරු මුන්රෝ ලකුණක් කරා පැති මාරුකරගැනීමට දිවයන්නේ සියල්ලන් මවිත කරමින්.
කෙසේ වෙතත් සිය අන්තයට නැවත ඔහු දිව යාමට උත්සහ කලද එය ව්‍යර්ථ වූයේ පන්දු රකින්නා එල්ලකළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.
කෙසේ වෙතත් රාජස්තාන් කණ්ඩායමට අභියෝගයක් එල්ලකිරීමට උත්සහ කළද පන්දුවාර 6 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගතහැකිවූයේ ලකුණු 60 ක් පමණයි.
ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 10 න් ඒ අනුව එම තරඟයේ ජය හිමිකරගත්තේ රාජස්තාන් කණ්ඩායමයි.
මුන්රෝගේ අවාසනාවන්ත දැවී යාම ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn