Gossips

නිදහස් පක්ෂය තීරණාත්මක සාකච්ඡාවක

ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රි 7 ට ආරම්භ වනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ සාමාජිකයන් ඊට එක්වන අතර, ඡන්ද විමසීමට නොපැමිණි පිරිස සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වුණා.
මේ අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද හෝ හෙට පැවැත්වෙන බවට මීට පෙර වාර්තා පළවුවත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.