Gossips

තවත් ව්‍යාජ යකැදුරෙක් CIA ඇසට හසුවෙයි

වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු මට්ටමක පැවතිය ද තවමත් ඇතැම් පිරිස් තම රෝගාබාධ සුවකර ගැනීම සදහා ව්‍යාජ යකැදුරන් සොයා යනවා.
එවැනි යකැදුරන් සොයා ගිය ඇතැමුන්ට තම ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවු අයුරු පසුගිය කාලයේ අප හෙළි කළා.
අද හිරු සී.අයි.ඒ අනාවරණය ද එවන් පුද්ගලයෙකු පිළිබදවයි.
පුත්තලම මදුරන්කුළිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පවසන්නේ තමන් විශ්ව ශක්තියෙන් අංශභාග, පිළිකා, වකුගඩු ඇතුළු දරුණු රෝගාබාධ කිසිදු ඖෂධයක් නොමැතිව සුව කරන බවයි.
තමාගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වූ බවට කාන්තාවන් ලවා ෆේස්බුක් සමාජජාලය හරහා ද මොහු පසුගිය කාලයේ ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා.